
Ring Size Guide
ඔයා ගෙදර ඉදන් ඇගිල්ලේ සයිස් එක මැනගන්නවා නම් , එහෙම මැන ගන්නා ක්රම 2 ක් තියනවා
01. ඔයාගේ Ring Size එක ඔයා දන්නේ නැත්තම් සහ දැනට ඔයාගේ ඇගිල්ලට දාන මුද්දක් නැත්තම් මෙතනම යට තියන වීඩියෝ එක බලන්න. ( Ring Size Chart එක නෙමෙයි , Video එක බලන්න. Size Chart එක ගැන හිතන්න එපා Video එකේ තියන විදිහට කරද්දී ඒ Size Chart එකේ විදිහ හරි යන්නේ නෑ )
වීඩියෝ එකේ මනින්න පාවිච්චි කරන්නේ A4 කොලේකින් (හාප්ශීට්) හීනියට කපාගත්ත පටියක් . ඔයාත් ඒ වගේම පටියක් පාවිච්චි කරන්න ( ගනකම වැඩි කොල , කාඩ්බෝඩ් , නූල් , රෙදි පටි , රබර් පටි ඒවා පාවිච්චි කරලා මනින්න එපා මිනුම වෙනස් වෙනවා )
ඊට පස්සේ වීඩියෝ එකේ අන්තිමට තියනවා Size Chart එකක්. ඒකෙන් ඔයා මැනගත්ත සයිස් එකට ගැලපෙන මුද්දේ සයිස් එක බලාගන්න පුලුවන් ඒ වීඩියෝ එකේම අන්තිමට පෙන්නන Size Chart එකෙන් ( වීඩියෝ එකේම ඉවර වෙද්දි පෙන්නන Size Chart එක ගැන කියන්නේ , මෙතන තියන ලොකු size chart එක නෙමෙයි )
02. ඔයා ගාව දැනට දාන මුද්දක් තියනවා නම් ඒ මුද්දේ ඇතුල් පැත්තේ විශ්කම්බ්හය මැනලා, පහල තියන Size Chart එකේ Inside Diameter කියන කොටසේ තියන mm ප්රමාණයට ගැලපෙන Ring Size එක තෝරගන්න පුළුවන් සහ ඒක තමයි ඔයාගේ ඇගිල්ලේ මුදු size එක විදිහට සලකන්නේ.
- මේකට ඔයාට පුලුවන් අඩිරූලේ CM පැත්ත උඩ මුද්දේ හරි මැදදේ එකකොනක ඇතුල් පැත්ත පටන් ගන්න තැන අඩිරූලේ 0 cm තැන උඩ තියලා අනිත් කොනේ ඇතුල් පැත්තට CM හරි MM හරි කීයක් තියනවද බලන්න. ( උදාහරණයට පහල රූපය බලන්න )

US Ring Size Guide
Find your perfect fit at PDJewel
| US Size | Inside Diameter | Inside Circumference |
|---|---|---|
| 3 | 14.1 mm | 44.2 mm |
| 3.5 | 14.5 mm | 45.5 mm |
| 4 | 14.9 mm | 46.8 mm |
| 4.5 | 15.3 mm | 48.0 mm |
| 5 | 15.7 mm | 49.3 mm |
| 5.5 | 16.1 mm | 50.6 mm |
| 6 | 16.5 mm | 51.9 mm |
| 6.5 | 16.9 mm | 53.1 mm |
| 7 | 17.3 mm | 54.4 mm |
| 7.5 | 17.7 mm | 55.7 mm |
| 8 | 18.1 mm | 57.0 mm |
| 8.5 | 18.5 mm | 58.3 mm |
| 9 | 18.9 mm | 59.5 mm |
| 9.5 | 19.4 mm | 60.8 mm |
| 10 | 19.8 mm | 62.1 mm |
| 10.5 | 20.2 mm | 63.4 mm |
| 11 | 20.6 mm | 64.6 mm |
| 11.5 | 21.0 mm | 65.9 mm |
| 12 | 21.4 mm | 67.2 mm |
| 12.5 | 21.8 mm | 68.5 mm |
| 13 | 22.2 mm | 69.7 mm |
Tip: For the most accurate measurement, measure your finger at the end of the day when it is warm.